රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව සමගි ජන බලවේගවේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් තිබේ.
මේ සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන්ද එක්ව ඇති අතර එහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දිර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙම සාකච්ඡාවෙදි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් සිදුකිරීමට නියමිත මූල්‍ය ප්‍රතිපත්ති කිහිපයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍ය බවයි.
එම සහාය ලබාදෙන බව හර්ෂද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා සහාය දෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.